(17.04.2013) රත්නපුර දිස්ත‍්‍රික්කයේ කලවාන, රක්වාන, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, බලංගොඩ සහ කොළොන්න මැතිවරණ බලප‍්‍රදේශවල මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ දුෂ්කර ගම්මාන ඉලක්ක කරගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ඉදිකළ තවත් විදුලි ව්‍යාපෘති සහ විදුලි දිගු 26ක්, මාර්තු 29 වන දින සිට අපේ‍්‍රල් 11 වන දින දක්වා වන දෙසතිය ඇතුළත ජනතා අයිතියට පත්කෙරිණි.