Print this page

සියයට අටේ ආර්ථීක වර්ධනයක්...

Source - 2012-05-15
සියයට අටේ ආර්ථීක වර්ධනයක්...
(15.05.2012)     ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය සියයට අට ඉක්මවීමට අපට හැකිවී තිබේ. 2010 වර්ෂයේදී සියයට අටක් වූ ආර්ථීක වර්ධන වේගය මේ වසරේ ගෙවුණු කාර්තුව තුළදී සියයට සියයට අටයි දශම තුන දක්වා වැඩි වී ඇත. මෙයට පෙර ඉතිහාසයේ කිසිම වසර දෙකක් පිට පිටම සියයට අටක වර්ධන වේගයක් පවත්වාගත නොහැකි වී තිබේ.

උදාහරණයක් ලෙස  උද්ධමනය තනි ඉලක්කමක මාස 39 ක් තිස්සේ පවත්වා ගෙන ගොස් තිබේ. ඉතිහාසයේ කවර අවස්ථාවකදීත් මෙවන් අඩු උද්ධමන තත්වයයක් මෙයට පෙර ඇති වී නොමැත.

ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 2836 දක්වා වැඩිවී තිබෙන අතර දරිද්‍රතාවය සියයට අටක් දක්ව අඩුකර ගැනීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකි. ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයක් දක්වා වර්ධනය වී තිබීම රටට යහපත් තත්වයකි.

2007 වර්ෂයේදී අප රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් වූ අතර පස් වසරක් තුළ එය දෙගණයක් දක්වා වැඩි වී ඇත. මේ වාසි සමගම අපේ රටේ ආර්ථීකය යම් මට්ටමක් දක්වා පවත්වාගත හැකි වී තිබේ.

මේ අතරම යටිතල පහසුකම්ද සංවර්ධනය කිරීම් වේගයද ඉහළ අගයක් ගෙන ඇත. රටේ ජතගහණයෙන් සියයට අනූ දෙකකට පැය විසි හතරක් පුරා විදුලිය ලබාදීමට කටයුතු යොදා තිබේ. වෙනත් රටවල විදුලිය පැය දොළහක්වත් ලබාදීමට නොහැකි විටෙක අප රටේ විදුලිය පැය 24 ම නොකඩවා ලබාදීමට හැකිව තිබේ.

රටේ මහා මාර්ග, ගුවන් තොටුපළ හා වරායන් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර ජාතික වශයෙන් පොදු යටිතල පහසුකම්වලට අමතරව ග්‍රාමීය ජන ජීවිතය සුව පහසු කරවීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ගම්මාන 14000 ක එකවර ව්‍යාපෘතීන් 14000ක් සිදුවන අතර එමගින් ගමේ අඩුපාඩු ප්‍රශ්න විසඳ ලීමට හැකි වී තිබේ. මේ  ආකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුවන අතරම ඩොලර් සංචිතයද ඉහළ මට්ටමක රඳවගෙන තිබීම නිසා ජාත්‍යන්තර අවධානයක් ද ලංකාවට යොමු ව තිබේ. විදේශ රටවල් ඩොලර් සංචිත සංසන්දනය කරන අතර එම තත්වය රටට යහපතකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අප මුදල් ලබාගැනීම, විදේශ විනිමය හා කොටස් වෙළෙඳපොළ හරහාත් අප ඩොලර් සංචිතය  වර්ධනය කරගෙන තිබේ.

විදේශ ශ්‍රමිකයන්ගෙන් සෑහෙන ලෙස ආර්ථීකයට දායකත්වයක් ලබා දී ඇති අතර පසුගිය වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම එකක විදේශ සංචිතයක් අපට ලැබී තිබේ.   එය සියයට විසි තුනක වර්ධනයක් පෙන්වා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයෙන් පසුගිය වර්ෂයේදී උපයා ගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන අටසියයද ඉක්මවයි. එම වසරේදී අප රටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය අට ලක්ෂ පනස්දහසද  ඉක්මවයි. පළමු වතාවට පසුගිය වසරේ දී  විදේශ සෘජු ආයෝජන ඇ. ඩො.  බිලියනය පසුකරන ලදී. එයද රටේ සමස්ත ආර්ථීක වර්ධන වේගයට සෘජු ලෙස බලපෑවේය.