ශ්‍රී ලංකාවේ සංවර්ධනය සංහිඳියාවට රජය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි....
2012-08-27
ඒකීය භාවය සහ ජනවාර්ගික සහයෝගීතාවය මත පදනම්ව ශ්‍රී ලංකාව නව ඉසව්වක් කරා ගමන් කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව අනාවරණය කළේ කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජපාන විශේෂ නියෝජිතවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ දක්වා සහයෝගය ලබාදුන් පරිද්දෙන්ම ඉදිරියටත් සහයෝගය ලබාදෙන බවයි.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා උතුරු පළාතේ සංචාරය කරමින් ඒ ඒ ප්‍රෙද්ශයන්හි වත්මන් තත්ත්වය දැක ගන්නා ලද අතර එහිදී නැවත පදිංචි කිරීම් පිළිබඳව සතුටට පත්වන බවද එම ක්‍රියාදාමය වේගවත් කිරිමට රජය පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන විසඳුමක් කරා යොමුවීමට ඇති අවස්ථාවන් පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ වත්මන් රජය සහ දෙමළ ජාතික සංධානය අතර යළිත් වරක් සාකච්ඡා ඇති කිරීම සඳහා තම සහාය උපරිමයෙන් ලබාදෙන බවයි. ඊට අමතරව එම ක‍්‍රියාවලිය රටතුළ තිරසාර සාමය සහ සංවර්ධනය ඇති කිරීම සඳහා යන ගමන වඩාත් තීව්ර කරනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ඉදිරියට යන බව පෙන්වාදුන් ජපානයේ විශේෂ නියෝජිතවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බවද තවත් කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ විශාල දියුණුවක් දැකගත හැකි බවද ප්‍රකාශ කළේය. මේ අතර ඒ මහතා පැවසූවේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අතර සබඳතා තවදුටත් ශක්තිමත් කිරීම සඳහා ජපානය සහයෝගය ලබාදෙන බවයි. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යසුෂි අකාෂි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහත්වරුන් හමුවී සාකච්ඡා කළේය.

Arugam Bay New ...
Newly Built Deh...
Dodandoowa Fish...
Eastern Provinc...
Economic Center...
Thalgaswala (Ga...
Civil Servants ...
Habarana Trinco...