Saturday, May 25, 2013 |
 

පොල්ලෙබැද්ද රඹකැන්ඔය යෝජනා ක්‍රමයේ ඉඳිකිරීම් අවසන් අදියරේ...

2010-09-02
පොල්ලෙබැද්ද රඹකැන්ඔය යෝජනා ක්‍රමයේ  ඉඳිකිරීම් අවසන් අදියරේ...
(02.09.2010)   2007 වසරේ ආරම්භ කළ රඹකැන්ඔය යෝජනා ක්‍රමයේ ඉඳිකිරීම් මේ වනවිට නිමවෙමින් පවතී. ඉඟිනියාගල සේනානායක සමුද්‍රයට සහ මහඔය නගරයට අතරින් පොල්ලෙබැද්දේ ඔය බොඩහෙලකන්ද මුල් කරගෙන රඹකැන්ඔය හරස්කර බඳින ලද වේල්ලේ වැඩකටයුතු 80% කඇ පමණ මේ වනවිට නිමකර ඇත. ජලාශයෙන් දියවර සපයන දකුණු සහ වම් ඇළ කැපීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොල්ලෙබැද්දෙදී රඹකැන්ඔය ජලාශය ඉඳිවී ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 78 ක් උසින්  පිහිටා ඇති ජලාශයේ වේල්ලේ දිග මීටර් 1200 කි.


රඹකැන්ඔය යෝජනා ක්‍රමය නිමකිරීමට අවශ්‍ය මුදල රුපියල් බිලියන 2500 ක් රජය වැය කරයි. මේ මගින් අක්කර 3500 ක් වගා කළහැකි අතර වී වලට අමතරව මිරිස්, රතුළුණු වැනි වගාවන් මේ ප්‍රදේශයට අළුතින් හඳුන්වාදීමට නියමිතය.


හේන් ගොවිතැනින් ජීවිකාව සලසා ගනිමින් දවසකට එක වේලක්වත් බත්කෑමට නොලැබුණු බඩඉරිඟු කරලකින්  හෝ කුරහන් තලපයකින් වේල පිරිමසාගත් බින්තැන්න පත්තවේ ජනතාවට වාරිමාර්ග ක්‍රමයක් යටතේ දියවර ලබමින් කුඹුරු වගාකරගෙන තුන්වේලම බත්කෑමට අවස්ථාවක් 2011 වසරේදී උදාවනු ඇත.(චමරි)