හම්බන්තොට වරායේ පළමු ඉදිකිරීම් සැප්තැම්බර් මාසයේ අවසන්
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා හම්බන්තොට වරාය ඉදිකිරීම් පරීක්‍ෂා කිරීම සඳහා වූ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2007 වසරේ ඔක්‌තෝබර් මස තිස් එක් වැනි දිනදීය. වරායට වෙන් කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 2000 කි. වරායේ පළමුවන අදියර සඳහා ඩොලර් මිලියන 361 ක් වැයවේ.
ලේවාය තුළ හෙක්‌ටයාර් 43 ක භුමි භාගයක හම්බන්තොට වරායේ පළමු අදියර නිමවන අතර මෙම ඉදිකිරීම්වලින් සියයට අනූවක් මේ වනවිට අවසන් කර ඇත.
නැව් තටාකාංගනයේ ගැඹුර මීටර් 17 ක් ද වරාය පිවිසුම් මාර්ගයේ ගැඹුර මීටර් 17 ක් ද, නැව් හැසිරවීමේ වටය මීටර් 600 ක්‌ද, ඉන්ධන පර්යන්තයේ දිග මීටර් 300 ක් වනසේ පළමු අදියරේ වැඩ මේ වනවිට නිමවෙමින් පවතී. මීටර් දහයකින් යුතු ප්‍රධාන දියකඩන දෙකෙහි වැඩකටයුතු මේ වනවිට සියයට අනූවකින් අවසන් කර තිබේ.
වරාය ඉදිකිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම්වල දීමනා පත්‍ර ඉඩම්වල හා අනවසර ඉඩම්වල අයිතිකරුවන්ට හා පදිංචිකරුවන්ට මේ වනවිට වන්දි හා විකල්ප ඉඩම් ලබාදී අවසන් කොට ඇත.
දේශීය ඉංජිනේරුවන්ගේ සැලසුම් හා උපදේශන සේවාව යටතේ "චයිනා හාබර්" සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරයි.
මීට සමගාමීව හරිත තීරුවක් වරාය පරිශ්‍රය වටා ඇති කිරීමටද කටයුතු කර ඇත.
පළමු අදියරේ වැඩ කටයුතු නිමවීමෙන් තිබූ නැව් තුනක් වරායට ඇතුළු කළ හැකි වනු ඇති අතර ඊට අවශ්‍ය සේවා සැපයීම තුළින් ආදායම් උත්පාදනය කිරීම වරාය අධිකාරියේ බලාපොරොත්තුවයි.
"2011 වසරේ අවසන් කිරීමට නියමිතව තිබු හම්බන්තොට වරායේ පළමු අදියරේ වැඩකටයුතු 2010 වසර නිමවීමටත් පෙර අවසන් කිරීමට හැකිවීම සතුටුදායක තත්ත්වයක් බවත් මෙම අදියර අවසන් වීමෙන් පසු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය හා ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය වැඩි දියුණු වී රැකී රක්‍ෂා රැසක් අලුතින් බිහිවන බවත් නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දැක්‌වූ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය. එසේම වරායේ දෙවැනි හා තෙවැනි අදියර මෙපරිද්දෙන් අවසන් කිරීම රජයේ එකම බලාපොරොත්තු-ව බවත් ඒ තුළින් සිංගප්පූරු වරාය දක්‌වා ගමන් කරන නැව් බොහොමයක් හම්බන්තොට වරායට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.







Arugam Bay New ...
Newly Built Deh...
Dodandoowa Fish...
Eastern Provinc...
Economic Center...
Thalgaswala (Ga...
Civil Servants ...
Habarana Trinco...