සරසවි පළමු වසරේ දී ඉංග්‍රීසි අනිවාර්ය වේ
2010-03-23
සෑම විශ්වවිද්‍යාලයකම පළමු වැනි වර්ෂයට ඇතුළත් කර ගන්නා සිසු සිසුවියන්ට කුමන පාඨමාලාවක් හැදැරුවත් ඉංග්‍රීසි භාෂාව විෂයයක් ලෙස හැදෑරිය යුතු බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කියයි.
ඒ අනුව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවලට පළමු වසරට ඇතුළත් කර ගන්නා සිසු සිසුවියන්ට ඉංග්‍රිසි භාෂාව පිළිබඳ මනා දැනුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
උසස් අධ්‍යාපනයේ නව ලෝක ප්‍රවණතා හා රැකියා වෙළෙඳ පොළට උචිත උසස් අධ්‍යාපනයක් සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති හෙයින් මෙරට විශ්වවිද්‍යාල එම තත්ත්වයට මුහුණ දිය හැකි පිරිස් බිහිකිරීමට පියවර ගත යුතු බව මහාචාර්ය වර්ණපාල මහතා පෙන්වා දෙයි.
ඊට අමතරව සිසුන්ට පරිගණක තාක්ෂණික දැනුම ලබාදීමටත් අවශ්‍ය පියවර ගනු ඇත. සංවර්ධිත රටක උසස් අධ්‍යාපනයක් සඳහා පර්යේෂණ සංස්කෘතියක් සහිත පශ්චාත් උපාධි පාඨමාලාවලට සිසුන් වැඩි වැඩියෙන් යොමු කිරීමට කටයුතු කරන බව ද මේ පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා තවදුරටත් කීය.

Arugam Bay New ...
Newly Built Deh...
Dodandoowa Fish...
Eastern Provinc...
Economic Center...
Thalgaswala (Ga...
Civil Servants ...
Habarana Trinco...