Monday, May 20, 2013 |
 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

2010-03-17
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල
දිගු කාලීන අවශ්‍යගාවයක් සපුරාලමින් මත්තල ගුවන් තොටුපල ඉදිවෙමින් පවතී. පළමු අදියර යටතේ ගුවන් යානා 10 කට  එකවර පහසුකම් සැලසීමට හැකිවනු ඇත.
මෙය දේශීය ඉන්ජිනේරුවන්ගේ සැලසුම් මත ඉදිවන අතර චීන ආධාර යටතේ චීන වරාය ඉංජිනේරු සමාගම ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරයි. ඒ 380 වැනි විශාල යානා මෙහි ගොඩබෑමට හැකිවනු ඇත. මෙම ගුවන් තොටුපල සඳහා වන මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 210 ක් වන අතර පලමු යානය ගොඩබෑම 2012 දී සිදුවනු ඇත.
මෙම  ගුවන් තොටුපල මීටර් 3500 කින් යුත් ප්‍රධාන ගුවන් පථයක්ද ප්‍රවේශ ගුවන් පථයන්ද මගීන් මිලියනයකට වර්ෂයකට ඉඩ සැලසිය හැකි පර්යන්ත ගොඩනැගිල්ලකින්ද , ගුවන් බඩු සඳහා වූ පර්යන්තයකින්ද ගුවන් යානා නැවතුම්පලකින්ද ගිණි නිවන උපකරණ හා ගිණි නිවන කන්ඩායමකින් යුත් පහසුකම් වලින්ද අනිකුත් නවීන යන්ත්‍රෝපකරණ පහසුකම්වලින් යුක්ත වේ.
 

හම්බන්තොට කර්මාන්ත කලාපය

මත්තල ගුවන් තොටුපල හා හම්බනාතොට වරාය අතර ඇති විශාල ඉඩ ප්‍රමාණය දේශීය හා විදේශීය කර්මාන්ත කරුවන් සඳහා වෙන් කෙරේ. දැනටමත් මෙම ප්‍රදේශයේ කර්මාන්ත ව්‍යාපෘති ඇති කිරීම සඳහා දේශීය විදේශීය කර්මාන්ත කරුවන් බොහෝ දෙනෙක් ඉල්ලූම් කර ඇත.

මෙහි ඉදිවන කර්මාන්ත අතර සිමෙන්ති මිශ්‍රණ කර්මාන්ත, සිමෙන්ති ඇසුරුම් කර්මාන්ත, පොහොර ඇසුරුම්  කර්මාන්ත, වාහල එකලස් කිරීටම් කර්මාන්ත, ගුදම් පහසුකම්, එල්. පී.ජී ( ගෑස් ) මෙහෙයුම් සඳහා පහසුකම්, ආනයන අපනයන වාහන මෙහෙයුම් පර්යන්ත, නැව් අළුත් වැඩියා කිරීමේ අංගනයන්, නැවු බඩු මෙහෙයුම් පර්යන්ත, නැව් සඳහා සේවා සැපයීම් සමාගම් ආහාර ටින් කිරීමේ කර්මාන්ත ශාලා, වාහන පහසුකම් සපයන සමාගම්, කන්ටේනර් ප්‍රවාහන සමාගම්, හෝටල්, නැව් හා ගවන් යානා සමාගම්, ආහාර සපයන සමාගම්, නඩත්තු සමාගම් හා අනිකුත් ක්ෂේත්‍රයන්ට සේවා පහසුකම් ද ඇතුලත් වනු ඇත.