ඔලූවිල් වරාය
2010-03-17
මෙම වරාය සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කෙරෙන අතර එයට සම්බන්ධ බොහෝ කටයුතු එනම් ධීවර වරායේ ජෙටිය ඉදිකිරීමත්, ප්‍රවේශ මාර්ග තැනීමත් දැනටමත් ඉදි කර ඇත.
ඩෙන්මාර්කයේ නෝඩියා බැංකුව සමග ඇති කරගත් ණය ගිවිසුමක් යටතේ ඉදි කෙරේ. එම ණය ගිවිසුමට 2008 මැයි මස 23 දින අත්සන් කරන ලදී.
කන්කසන්තුරේ වරාය
මෙම වරාය සංවර්ධන කටයුතු යුද්ධය නිම කිරීමටත් පෙරාතුවම ආරම්භ කරන ලදී. මෙය තවත් වාණිජ වරායක් වශයෙන් ඉදිවන අතර එය යාපන අර්ධද්වීපයේ ආර්ථීකයට නව පිබිදීමක් ඇති කරවනු ඇත. මෙම වරාය උතුරුකරය හා අනිකුත් ප්‍රදේශ අතර වාණිජ කටයුතු සඳහා ලාබදායී මාර්ගයක් ඇති කරනු ඇත.
රක්ෂණ බද්ද
යුධ වකවානුව තුළදී ආපදා රක්ෂණ අයකිරීම් නිසා නැව් මගින් කෙරෙන වාණිජ කටයුතු වලට විශාල වියදමක් දරන්නට සිදු විය. දැනට මෙම අයකිරීම් දැඩි ලෙස අඩු කර ඇති අතර ඒ නිසා ආනයන භාණ්ඩවල මිල අඩු කරගැනීමටත්, අපේ අපනයන භාණ්ඩවලට තරඟකාරී වාතාවරණයක් ඇති කරගැනීමටත් හැකිවී ඇත. ශ්‍රී ලංකාව අන්තරාදායක ප්‍රදේශ ලැයිස්තුවෙන් ඉවත් කරගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ලොයිඩ්ස් මිනින්දෝරුවන් ලඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
නාවුකයින් පුහුණු කිරීම
නාවුකයින් පුහුණු කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙම ආයතනය මගින් නාවුක ක්ෂේත්‍රයට අයත් නොයෙකුත් රැකියාවන්හි නිසියාකාර පුහුණුවීමකින් පසු සහතික පත්‍ර නිකුත් කෙරේ. නාවුකයින් සඳහා ලොව පුරා විශාල ඉල්ලූමක් ඇති අතර ශ්‍රී ලංකාවේ ආයතනය මගින් නිකුත් කෙරෙන සහතිකපත් පිළිගැනීමට රටවල් 28ක් එකඟවී ඇත. ඉන්දියාව, බංගලාදේශය සහ මාලදිවයින වැනි රටවල පුද්ගලයින් පවා ශ්‍රී ලංකාවේ නාවුක පුහුණුව ලබයි. ශ්‍රී ලංකාවේ වරායවල් වලට එන නැව් වල සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවීම නිසා නාවුකයින් සඳහා වන ඉල්ලූම බොහෝ දුරට වැඩිවීමට ඉඩ ඇත.
නැව් තටාකාංග සහ නැව් ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකාව නැව් ලියාපදිංචි කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබේ. දැනට නැව් හතරක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති අතර මෙම ප්‍රමාණය තව තවත් වර්ධනය කරගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
දැනට ශ්‍රී ලංකාවේ නැව් ඉදිකරන හා අලූත්වැඩියා කරන තටාකාංග කිහිපයක්ම ඇති අතර මෙය ඉදිරි අනාගතයේදී තවදුරටත් වර්ධනය වනු ඇත.
දැනට වරාය ක්ෂේත්‍රයේ කෙරෙන ශීඝ්‍ර වර්ධනය මෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයද දැඩි වර්ධනයක් ඇති වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ නාවුක හා ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගැනීමේ ප්‍රයත්නයට දැඩි රුකුලක් වනු ඇත.
කටුනායක ගුවන් තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
කටුණායක ගුවන් තොටුපල ආසියානු කලාපයේ විශිෂ්ඨ ගුවන් තොටුපල අතුරින් තුන්වන ස්ථානය ගනී. මෙම ව්‍යාපෘතිය යටතේ නව පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිවනු ඇති අතර ඒ සඳහා ජපානයෙන් හෝ චීනයෙන් ආධාර ලබාගනු ඇත. තවද ගවන් පථය ව්‍යාප්ත කිරීමත් කෙරෙනු ඇත. මෙමගින් දැනට ඇති විශාල ගුවන් යානා සඳහා සේවා සැපයීමට හැකිවනු ඇත.

Arugam Bay New ...
Newly Built Deh...
Dodandoowa Fish...
Eastern Provinc...
Economic Center...
Thalgaswala (Ga...
Civil Servants ...
Habarana Trinco...